2011/07/15

ළඟදි බඳිනවද?




ගෙඹි පැටියටත් ඉන්න ගමන් හරි හරි දේවල් තමයි කල්පනා වෙන්නෙ. ගැහැණියක් හැටියට ලබන උතුම්ම තැන මව් පදවිය කියල කියනවනේ. නේද! ඉතින් පුංචි දුවෙක් විදියට උපදින අපේ චූටි අක්කලා බිරිඳක් විදියට ආයෙමත් අලුත් ජීවිතයකට හුරු වෙනවා, අලුත් උපතක් ලබනවා. ආයෙමත් අක්කලා පුංචි පැට්ටෙකුට අම්මා කෙනෙක් වෙනවා. ඒ තවත් අලුත් ජීවිතයක්. අලුත් උපතක්.


මව් පදවිය කොයිතරම් උතුම් වුණත්, හොඳ බිරිඳක් නොවී ලබන මවු පදවියට සමාජ වටිනාකමක් ලැබෙන්නෙ නැහැ. එහෙම අය නිතරම සමාජයේ ගැරහීමට, අවමානයට ලක් වෙනවා. ඒකත් හරි පුදුමයි නේද? ඒත් අම්මෙක්නෙ!

ඉතින් දැන් ගෙඹි පැට්ටා කියන්න හදන්නෙ ඒ ගැන නෙමෙයි. කාලයක් අයියා කෙනෙකුට ආදරේ කරලා හරි එහෙමත් නැත්නම් අම්මලා, තාත්තලා කතා කරලා හරි විවාහ වෙන්න ඉන්න අක්කලාට ටිකක් හිතන්න ඕන පැත්තක් ගැන කියන්න ගෙඹි පැට්ටාට හිතුණා. හොඳ බිරිඳක් වෙන්න හිතේ අභ්‍යන්තර ගතිගුණ හොඳ වෙන්න ඕන වගෙම ආශ්‍රය කරන අය අතරෙත් නම තියාගෙන ඉන්න එපැයි නේද!




ගෙදර ලොක්කා තාත්තා උනාට ඉතින් ගෙදර බුදුන් විදියට සලකන්නෙ අම්මානේ. ඒ ඇයි කියල ඉස්සරහදි කතා කරමුකෝ. ඉතින් ගෙඹි පැට්ටා නම් තවම තනිකඩයා, හැබැයි ගෙඹි පැටියගෙ අක්කලා අයියලා දිහා බැලුවම ගෙඹි පැටියට හුඟක් දේවල් තේරුණා.



අලුත බැඳපු මනමාලිට හාල් පතක් ගරාලා.....ඒකාලෙ අතුරු මිතුරු සෙල්ලම මතකයිනෙ. මනමාලිට හාල් ගැරිල්ල කොහොම උනත් ඉතින් ජැන්ඩියට උත්සවයක් එහෙම තියලනෙව අපේ අයියලා අපේ අක්කලාව එක්කගෙන එන්නෙ. මෙහෙම ඇවිත් අක්කලාගේ ගෙදර උදවිය අක්කාව අයියලාගෙ ගෙදර උදවියට භාර දීලා යන්න යනවා. ඉන්පස්සෙ අක්කා ඒ අලුත් ජීවිතයට හුරුවෙන්න ඕන. සමහර විට බඳින්න කලින් හිතාන උන්නු තත්ත්වෙට වඩා ටිකක් වෙනස් විදියක දෙයක් අත්විඳින්න ලැබුණොත්, අපේ අක්කලා කලබල වෙන්න එපා. එහෙම තමයි , ඒක සාමාන්‍යයි. 


කොහොම වුණත් අලුතින් ලැබුණු අම්මා තාත්තාගේ හිත මුල ඉඳලම දිනාගන්න එක වටිනවා. නරකකට නෙමෙයි, එතකොට ප්‍රශ්න අඩුයි. අක්කාට දැන් අම්මලා දෙන්නෙක් තාත්තලා දෙන්නෙක් ඉන්නවා නෙව. මේව වැදගත් ද බලන්න. මේ මූලික දේවලි ටිකක්. අක්කලා තව හිතල බලන්නකො. 

  • අයියට කලින් නැගිටින්න
  • අයියට පස්සෙ නිදාගන්න (හැබැයි ඉතින් අයියා ගෙඹි පැටිය වගේ Night Duty නම් මේක වෙනස් )
  • මොකක් හරි කරන්න කලින් අයියගෙන් අහන්න - මොකද අහන්නෙ නැතිව තනි තීරණයට වැඩ කළාම අයියටත් තරහ යාවි. අනික අයියගෙ ගෙදර අයත් අක්ක ගැන වැරදියට හිතාවි හරිම හිතුවක්කාර කෙල්ලක් කියල, නේද...ඉතින් දෙන්නත් එක්ක පොඩි චැට් එකක් දාලා තීරණ ගන්න.
  • නිතරම හොඳ දේවල් කතා කරන්න, අක්කලාට කතාවෙන් කරගන්න බැරි දෙයක් නෑ හරියට නුවණ පාවිච්චි කළොත්, අයියගෙ කෙනෙකුගෙ වරදක් පෙන්වනවනම් පරිස්සමින් කරන්න හොඳේ, විශේෂයෙන් අම්මගෙ. අයියලා අම්මලාට හරි ආදරෙයිනෙ. වැඩිහිටයන් වෙනස් කරන්න අපිට අමාරු නිසා ඒ අය අවුරුදු 50ක් 60ක් හුරුවුණු දේනෙ කියල හිතල ඉවසන එක තමයි හොඳම දේ කියල ගෙඹි පැටියට හිතුණා....
  • අයියා ගරු කරන අයට ඒ විදියටම ගරු කරන්න. ඒ කීවෙ දෙමව්පියො, ගුරුවරු හෝ වෙනත් වැඩිහිටි අය එහෙම. එතකොට ඒ අයත් අක්කාට එයාලගෙම දුවෙක් විදියට සලකාවි, ගරු කරාවි. මේක ඔය ඉස්සර කියන නැන්දම්මා-ලේලි ලෝක යුද්ධයට පාර වහනවා...බක..බක..බක..දැන් නම් ඕව වැඩිය නැහැ ගෙඹි පැටිය හිතන්නෙ.
  • කම්මැලි වෙන්න නම් එපා හොඳේ. කම්මැලි නැතිව ආසාවෙන් තියෙන වැඩ ටික කරන්න.
  • ඒ වගේම තමන් කරනවා වගෙම අනිත අය ලවා වැඩ කරවා ගන්නත් අක්කලා දක්ෂ වෙන්න ඕන. උඩින් කීව දේවල් තියෙන අක්කා කෙනෙකුට එක වචනයෙන් ඕන කෙනෙක් උදව් කරාවි, නේද....
  • මුලින්ම යන කාලයේදී අයියගෙ ගෙදර සේවකයො ඉන්නවානම් ඒ අයටත් වැඩිය පාට් නොදා ශේප් එකේ ඉන්න. පස්සෙ බැරියැ ඒවා.
  • හැමෝටම හොඳින් සලකන්න. ගෙදරට කවුරු හරි ආවම තේ එකක් හදන්නද කියල අහන්න අමතක කරන්නෙපා. මිනිස්සුනේ....ඒ නිසා ඒවගෙ පොඩි පොඩි ට්‍රික්ස් දාන්න වෙනවා. නැත්නම් යනගමන් කියාවි අපෝ අර කෙල්ල ගෙදරට එන කෙනෙකුට තේ උගුරක්වත් දෙන්නෙ නැහැනෙ කියලා...එහෙම තමයි ලෝක සොබාවේ....බක බක බක.....
  • ඒවගෙම අයිය හම්බුකොරනදේ අරපරිස්සමින් පාවිච්චි කරන්නත් ඕනා. අපේ ගොඩාක් අක්කලා නම් දැන් Employed නිසා My car My Patrol නෙ. එහෙම නැති අක්කලාටයි මේක වැඩියෙන්ම අදාල.
මේ ටික ගෙඹි පැටියට කලින් බුදු හාමුදුරුවො ඒ කාලෙ විවාහ වෙන්න යන කුමාරිකාවකටයි කියා දීල තියෙන්නෙ. අපේ ලස්සන අක්කලාටත් මේකෙන් ගන්න දෙයක් තියේවි කියල ගෙඹි පැටිය හිතනවා.තව මේ ලිපියෙ අඩු පාඩු එකතු වෙන්න ඕන දේවල් එහෙම තියේ නම් පහළින් සටහනක් දාන්නකො...ගෙඹි පැටියා වැඩියෙන්ම ලියන්නෙ අක්කලාට කියල ගෙඹි පැටියට හප්පි හොඳටෝම බනිනවා...ගෙදර බුදුන් වෙන අක්කලාට තමයි ඉතින් ගෙඹි පැට්ටා වැඩියෙන්ම ලිව්වෙ...බලමුකො ඉස්සරහට අයියලාටත් වෙඩි තියන්න පටන් ගන්නම්කො.....බක බක බක....


5 දෙනෙක් මේ ගැන කතා කළා:

නදී said... Reply To This Comment

කාට කාටත් වැදගත් වෙයි මේ ලිපිය.

අපේ අම්ම නම් කියන්නෙ තේ හදන්නද කියල අහන්න එපා හදල ගෙනත් දෙන්න කියල :).හැබැයි දැන් නම් ගෙදරට කවුරු හරි ආවම අහනව සීනි කොහොමද කියල.(ගොඩක් අයට දියවැඩියාව අරව මේව තියන නිසා)හෙහෙ.

ගෙඹි පැටියා said... Reply To This Comment

@ගලායන ජීවිතය හ්ම්...ඒකත් ඇත්ත තමයි යාලු :)

නදී said... Reply To This Comment

ආය ඇතුලත ගිනි පිටතටත්, පිටත ගිනි ඇතුලටත් නොගෙන ඉන්න වගබලාගන්න ඕනේ.තේරුණානේ කිව්ව එක.ප්‍රශ්ණ ගොඩක් අඩුකරගන්න පුලුවන් වෙයි ඒකෙන්.

ගෙඹි පැටියා said... Reply To This Comment

@ගලායන ජීවිතයහ්ම්.......ඒක හරි.

සංකල්ප said... Reply To This Comment

මම නම් තාම පොඩි එකා. ඉස්සරහට මේ දේවල් ගොඩක් වැදගත් වේවි. ඒ නිසා මේ පිටුව සේව් කරලා තියාගන්නම්.

ප.ලි. - පොඩි දෙයක් කියන්නද අර බ්ලොග් පිටුවේ උඩින්ම තියෙන විජට්ටුව සයිඩ් වාර් එකෙන් දාන්න. එතකොට බ්ලොග් එකට අමුතු ලස්සනක් ඒවි.

Post a Comment

සිංග්ලිෂ් වලින් කමෙන්ට් කරන අය මේක ක්ලික් කරන්න.