2011/06/01

දෙන්නෙක් එක විදියට නොහිතන නිසා...



සති ගණනක්, මාස ගණනක්, අවුරුදු ගාණක් පෙරුම් පුරලා පුරලා දෙන්නෙක් විවාහ වෙනවනේ. සතුටින් ජීවත් වෙන එක තමයි ඉතින් මේ කොයි කාගෙත් අරමුණ. විවාහය ප්‍රේම සම්බන්ධයකට වඩා වෙනස්නේ. වගකීම්, යුතුකම් ගැන ඉස්සරටත් වඩා හිතන්න වෙනවා.


ඉස්සර නම් අපි අපි දෙන්න ගැන විතරනෙ හිතුවෙ නේද? ඒත් දැන්! එයාගෙ අම්මා තාත්තා, නෑදෑයො, මගේ අම්මා තාත්තා, නෑදෑයො....

.මේ හැමෝම ශේප් එකේ තියාගන්න එපැයි නේද! ශේප් එකේ කිව්වෙ නරක අදහසකින් එහෙම නෙමෙයි. මානව සම්බන්ධතා පවත්වානෙ යනකොට ඒ විදිහෙ පුංචි පුංචි උපක්‍රම පාවිච්චි කරන්න වෙනවනෙ ඉතින් හැමෝම සතුටින් තියන්න නම්, නේද!

ඉතින් ගෙඹි පැටියා ඔයාලාට මුලින්ම කියන්න යන්නෙ බැන්දට පස්සෙ ඇතිවෙන පුංචි පුංචි ප්‍රශ්න අවම කරගන්න ඔයාලගේ හිත යොමු කරන්න ඕන පුංචි කාරණා 10ක් ගැනයි. බැන්දට පස්සෙ කිව්වට ඉතින් ගෙඹි පැටියයි හප්පියි වගේ (හප්පිට තමයි ගෙඹි පැටියා ආදරේ කරන්නෙ :)........) ආදරේ කරන ඕනම දෙන්නෙකුට මේව වැදගත් වේවි කියල ගෙඹි පැටියාට හිතුණා..

  1. දෙන්නාම එක සැරේ තරහ ගන්න එපා.
  2. ගේ ගිණි ගන්නවානම් ඇරෙන්න, කවදාවත් අනිත් කෙනාට කෑ මොර දෙන්න එපා.
  3. විවාදයකින් දෙන්නාගෙන් එක්කෙනෙකුට දිනන්නම ඕන නම්, එයාට දිනන්න දෙන්න.
  4. එයාව විවේචනය කරනවානම්, ආදරෙන් කරන්න.
  5. අතීතයේ කළ වැරදි ගැන ආයෙ ආයෙ මතක් කරන්න එපා.
  6. ඔයාලා දෙන්නට පළමු තැන දෙන්න. “ලෝකයා“ ගැන හිත හිතා තීරණ ගන්න එපා.
  7. කවදාවත් නොවිසඳාගත් ප්‍රශ්නයක් හිත් වල තියාගෙන නින්දට යන්න එපා. නිදාගන්න කලින් ඒක විසඳාගෙන ඉන්න.
  8. දවසකට එක වතාවක්වත් එයාව ආදරෙන් අගය කරන්න.
  9. ඔයාගෙන් වරදක් වුණොත් ඒ වරද පිළිගන්න. සමාව ඉල්ලන්න. කවදාවත් ඒකට ලැජ්ජා වෙන්න එපා. ඔයාලා දෙන්නා නේ....
  10. රණ්ඩු වෙන්න අඩුම තරමෙ දෙන්නෙක් ඕන බව මතක තියාගන්න.


මීට අමතරව පුංචි දෙයක් මතක් කරන්නම්. කවදාවත් උදේට ප්‍රශ්න විසඳන්න යන්න එපා හොඳේ. හවසට ඒගැන කතා කරන්න...

ගෙඹි පැටියට තේරෙන තරමින් තමයි ඔයාලාට කිව්වෙ. බලන්නකො උදව්වක් ලැබේවිද කියලා හොඳද...පහළින් අදහසක් තියල යන්නත් අමතක කරන්නෙපා....


5 දෙනෙක් මේ ගැන කතා කළා:

මකුළු පැංචි (මංචි) said... Reply To This Comment

ආහ්හ්හ්හ්...ගෙඹි පැටිස්ගෙ අදහසුත් නරකම නෑ...ඔන්න මගේ බ්ලොග් එකේ දාපු ලින්ක් එකෙන් තමා පාර හොයාගත්තෙ.. :D බයෙන් බයෙන් ආවෙ..මොකො...ගෙම්බො තමා වැඩිපුරම මකුළු පැංචියන්ව ගිලින්නෙ... O.o

ගෙඹි පැටියා said... Reply To This Comment

අනේ...මම පුංචි මකුළු පැංචියො ගිලින්නෙ නෑ අනේ...:)

Chanaka Aruna Munasinghe said... Reply To This Comment

කුමාරිකාවො ගෙම්බන්ට උම්මා දුන්නම ගෙම්බො කුමාරයො වෙනවලු!
මකර අධිරාජයා ගෙඹි පැට්ටාව සාදරයෙන් පිළි ගන්නවා

ගෙඹි පැටියා said... Reply To This Comment

බොහොම ස්තුතියි මකර අධිරාජයාණෙනි.....:)

Jake Santiego said... Reply To This Comment

තවත් එලකිරි වගේ සින්හල බ්ලොග් එකක්. මටත් කුමාරයෙක් වෙන්නෝනෙ උම්ම එකක් දෙන්නද

Post a Comment

සිංග්ලිෂ් වලින් කමෙන්ට් කරන අය මේක ක්ලික් කරන්න.